කිලිනොච්චිය, කෝනාවිල් හි මාර්ගයක තියුණු ආයුධ වලින් කපාකොටා ඝාතනය කළ තරුණයකුගේ සිරුරක් අද (26) අලුයම සොයාගෙන ඇති බව වාර්තා වේ .
කිලිනොච්චිය පොලීසිය පවසන්නේ ප්‍රදේශවාසීන් විසින් ලබාදුන් තොරතුරක් අනුව ඝාතනය කර මංසන්ධියක දමාගොස් තිබූ සිරුර සොයාගත් බවයි.
එලෙස තියුණු ආයුධවලින් ඝාතනය කොට ඇත්තේ පුෂ්පරාසා ඩයිනස් නැමති 28 හැවිරිදි එක්දරු පියෙකි.














































