ගෝල් ටයිටන්ස්’ කණ්ඩායම සමඟ පැවති තරගයෙන් විශිෂ්ට ජයක් හිමි කර ගැනීමත් සමඟ ‘දඹුල්ල අවුරා’ කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණ ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඔවුන් මේ වන විට සහභාගී වූ තරග 06න් 04ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 08ක් හිමිකරගෙන ඇති බව සඳහන්.
ලකුණු සටහණේ පෙරමුණේ පසුවූ ‘බී ලව් කැන්ඩි’ කණ්ඩායම දෙවන ස්ථානයට පත්ව ඇති අතර ‘ජැෆ්නා කින්ග්ස්’ තෙවන ස්ථානයට පත්ව ඇත.
මේ අතර, තරගාවලියේ ජැෆ්නා කින්ග්ස් හා බී ලව් කැන්ඩි කණ්ඩායම් අතර තරගය සහ දඹුල්ල අවුරා හා ‘කලම්බු ස්ට්‍රයිකර්ස්’ කණ්ඩායම් අතර තරගය අද පැවැත්වීමට නියමිත බව සදහන්.