අධිකරණයට අපහාස කළා යැයි චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව ගොනු කර තිබෙන පැමිණිල්ල අද (27) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශංක බන්දුල කරුණාරත්න සහ ඒ මරික්කාර් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අතර අදාළ පැමිණිල්ල ජුලි මස 13 වන දින කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කළ බව වාර්තා වේ.
මෙම නඩුවට අදාළ සාකෂි වශයෙන් ඉදිරිපත් කරනු ලබන CD පට පරීක්ෂා කිරීමට අදාළ වන සාක්ෂි විශේෂ විධි විධාන පනත යටතේ වූ නොතීසිය මේ වන විට අධිකරණය හමුවේ ගොනු කර ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරාගම විසින් අධිකරණයට දන්වා සිටි බව සඳහන් වේ.
එමෙන්ම එම අදාළ නොතීසිය වගඋත්තරකාර පාර්ශවයට ලැබී තිබේ දැයි 13 වන දින දැනුම් දෙන ලෙසත් අධිකරණය විසින් නියම කළ බව වාර්තා වේ.













































