තමාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමට පිරිසක් උත්සාහ දරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මහතා,
“මාව තියාගන්න හිටපු ජනාධිපතිතුමා අකමැති නම්.. විධායක සභාව අකමැති නම් මම යන්න කැමතියි. යටින් තල්ලු නැහැ. උඩ කට්ටිය තමයි තල්ලු දාන්නේ. ඒකට බය නැහැ. නම් කියන්න බැහැ. ඒ අයට ඕනේ එක්සත් ජාතික පක්ෂයට මේක හේත්තු කරන්න.”














































