රජයේ නව බදු ප්‍රතිපත්ති , පොළි අනුපාතිකය ඉහළ දැමීම සහ මර්දනකාරී වැඩ පිළිවෙළට එරෙහිව සෞඛ්‍ය , ගුරු , විදුලි , ජල , බැංකු , වරාය ඇතුළු වෘත්තීය සමිති 47 ක සාමාජිකයන් විසින් ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා වැඩ වර්ජන සහ විරෝධතා පැවැත් වූ අතර සිය ඉල්ලීම් සම්බන්ධව ජනාධිපතිවරයා අවධානය යොමු කරන ලෙස ප්‍රකාශ කිරීම හේතුවෙන් හෙට (16) පෙරවරු 8 ට මේ වන විට ක්‍රියාත්මක වන වැඩ වර්ජන අත්හිටුවන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා අද (15) මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කර සිටියේ හෙට (16) දින වර්ජනය තාවකාලිකව අවසන් කිරීමෙන් අදහස් වනුයේ , රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයෙන් ඉවත් වීමක් නොවන බවයි.