මෙම වසර තුළ ජල ගාස්තුවේ කිසිදු සංශෝධනයක් සිදුනොකරන බවට සහතික වන බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
ඔහු සඳහන් කළේ, අවසන් වරට ජල ගාස්තු සංශෝධනයක් සිදුකරනු ලැබුවේ 2023 අගෝස්තු මාසයේ බවයි.
මැතිවරණ ඉලක්ක කර ගනිමින් යෝජිත ජල ගාස්තු සූත්‍රය පිළිබඳ සමාජය තුළ පැතිර යන කටකතා තරයේ ප්‍රතික්ෂේප කරන බවට ජීවන් තොණ්ඩමන් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.
ආසියානු සංවර්ධන බැංකු සමඟ එක්ව සිදුකරනු ලබන සහයෝගී ප්‍රයත්නයක් ලෙස, ප්‍රතිපත්ති මත පදනම් වූ ජල ගාස්තු සකස් කිරීමක් සඳහා වන පිරිවැය ප්‍රතිසාධන සූත්‍රයක් හඳුන්වාදීම කිරීම කෙරෙහි මේ වනවිට අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති බවද ඔහු එහිදී වැඩිදුරටත් වැඩිදුරටත් සඳහන් කර තිබේ.