උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අද (18) දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී රැස්වීමට නියමිත බව වාර්තා වේ.
එහිදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් නව තීන්දු තීරණ කිහිපයක් ගැනීමට නියමිත බව සදහන්.
උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් නව ක්‍රිකට් තේරීම් කමිටුව ප්‍රධාන වශයෙන් රැස්වන්නේ ජනවාරි 6 වනදා ආරම්භවීමට නියමිත ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය තෝරාගැනීම සඳහා බව අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
එහිදී තරග රටා තුනේම නායකත්වය පිළිබඳවත් සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.
 
	    	



























 
		    
















