වාර්තා වන ආකාරයට අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා විසින් එවනු ලැබ ඇති ලිපියට අනුව දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් ග්‍රාම නිලධාරීන්ට බලපෑම් එල්ල කරන්නේ නම් ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානයට අයත් සියලුම ග්‍රාම නිලධාරීන් සිය රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව දැනුම් දෙමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් රංජිත් අශෝක මහතා වෙත එම සන්ධානය ලිඛිත දැනුම් දීමක් කර ඇති බව සඳහන් වේ.
එමෙන්ම ශුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා යවා ඇති එම ලිපිය මඟින් ග්‍රාම නිලධාරීන්ගේ එදිනෙදා සාමාන්‍ය රාජකාරි කටයුතුවලට ගැනෙන සහතික හා තොරතුරු නිකුත් කිරීම මෙන් ම වාර්තා තබා ගැනීම තුළින් වක්‍රාකාර ලෙස තොරතුරු ලබාගැනීමට කටයුතු කරන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන්ට යෝජනා කර ඇතැයි ද, මෙමගින් ශුභසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා සිය විෂය පථය අතික්‍රමණය කරමින් තමන්ට අදාළ නොවන අනෙකුත් සේවාවන් හා රාජකාරි වෙත අනවශ්‍ය හා නීත්‍යනුකුල නොවන මැදිහත්වීමක් සිදු කිරීම සඳහා සිය බලය අනිසි ලෙස පරිහරණය කිරීමට උත්සහ කර ඇතැයි ද එම ලිපිය මගින් ග්‍රාම නිලධාරි වෘත්තීය සමිති සන්ධානය පෙන්වා දී තිබේ.
අදාළ ලිපිය පහතින්,
















































