මත්පැන් මිල ඉහළ යාම හේතුවෙන් එහි නිෂ්පාදනය සහ අලෙවිය අවම වී ඇති බව ජාතික ආර්ථික හා භොතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කාරක සභාවේදී සුරාබදු නිලධාරීන් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම මෙම වර්ෂයේ සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 217 ක ආදායමක් බලාපොරොත්තු වුවද , ජුනි මාසය වන විට උපයා තිබූයේ රුපියල් බිලියන 72.98 ක් බවත් මෙහිදී අනාවරණය වී තිබේ.














































