ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස රියර් අද්මිරාල් ධම්මික කුමාර වැඩ භාරගනු ලැබූ බව වාර්තා වේ.
ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස කටයුතු කළ මේජර් ජෙනරල් මිලින්ද පීරිස්ගේ ධූර කාලය නිමවීම හේතුවෙන් ඔහු ඊයේ (01) සිට වැඩ භාරගෙන ඇති බව සදහන්.
රියර් අද්මිරාල් ධම්මික කුමාර මීට පෙර කටයුතු කරනු ලැබුවේ නැගෙනහිර නාවික විධානයේ ආඥාපතිවරයා ලෙසයි.
නව උපකුලපතිවරයා ලෙස වැඩ භාරගැනීම වෙනුවෙන් සංවිධාන කරන ලද උත්සවයක් ඊයේ (01) පැවැත්වුණු අතර ,ඔහු වෙත ගෞරව සම්මාන මුරයක්ද පිරිනමා ඇති බව සදහන්.
ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ නව උපකුලපතිවරයා විසින් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල භූමියේ පිහිටි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූ බවයි.














































