අද (15) උදෑසන දෙමෝදර ජල සම්පාදන මණ්ඩලය ආසන්නයේ දී කොළඹ – බදුල්ල පෞද්ගලික බස් රථයක් පෙරළී අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.
මෙම අනතුරින් බස් රථය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වී ඇති අතර 15 දෙනෙකු පමණ තුවාල ලබා ඔවුන් රෝහල් ගත කළ බව සඳහන් වේ.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඇල්ල පොලිසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.














































