මෙම වර්ෂයේදී උතුරු පළාතෙන් ඩෙංගු රෝගීන් 1,326 දෙනෙකු හදුනාගෙන ඇති බවත් , යාපනය දිස්ත්‍රික්කයේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් සිටින බවත් සෞඛ්‍ය අංශ වාර්තා කරයි.
ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 1,121 කුත් , කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් 51 කුත් , වව්නියාවෙන් 94 කුත් , මුලතිව් දිස්ත්‍රික්කයෙන් 33 කුත් , මන්නාරම් දිස්ත්‍රික්කයෙන් 27 කුත් වාර්තා වන බව සදහන්.
එමෙන්ම ඩෙංගු රෝගය හේතුවෙන් මරණ 2ක් සිදු වී ඇති බවත් , ඩෙංගු මදුරුවන් බෝ විය හැකි ස්ථාන හැකි පමණින් විනාශ කර මෙම තත්ත්වය පාලනය කර ගැනීම සදහා සහයෝගය ලබා දෙන ලෙසත් සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.














































