කොළඹ ප්‍රදේශ 4 කින් ඩෙංගු රෝගින් වාර්තාවීම ඉහළ යමින් ඇතැයි කොළඹ මහ නගර සභාව පවසා ඇති බව වාර්තා වේ.
එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජයමුණි පවසන්නේ නාරාහේන්පිට, කිරුළපන, මෝදර හා මට්ටක්කුලිය යන ප්‍රදේශවලින් එලෙස ඩෙංගු රෝගින් වාර්තාවීම ඉහළ යමින් ඇති බවයි.
මීට සති තුනකට පෙර අදාල ප්‍රදේශවලින් දෛනිකව ඩෙංගු රෝගීන් දෙදෙනකු පමණ වාර්තාවී තිබේ.
වෛද්‍ය රුවන් විජයමුණි සඳහන් කළේ මේ වනවිට එම සංඛ්‍යාව 5 ක් හෝ 6 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
ඒ පිළිබඳ ජනතාව සැළකිලිමත් විය යුතු බවද ඔහු සඳහන් කර තිබේ.













































