කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වීමේ වර්ධනයක් පෙන්නුම් කරන බවත් , මෝසම් වැසි සක්‍රීය වීමත් සමඟ ඉදිරි සති දෙකක කාලය තුළ මෙම තත්ත්වය වර්ධනය වීමේ අවදානමක් මතුව ඇති බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම කොළඹ නගරය තුළ ඩෙංගු සැක කෙරෙන රෝගීන් 2,138ක් වාර්තා වී ඇති බවත් , ඉන් වැඩිම රෝගීන් ගණනක් කුරුඳුවත්ත ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.














































