මෙම මාසයේ ගත වූ දින 7 ඇතුළත ඩෙංගු රෝගීන් 2479 දෙනෙකු හදුනාගෙන ඇති බවට ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කර තිබේ.
ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ.
ඒ අනුව වසරේ ගත වූ කාල සීමාව තුළ සමස්ත ඩෙංගු රෝගීන් 41,883 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් 22.1%ක්ද ,කොළඹ දිස්ත්‍රික්කයෙන් 21%ක්ද හදුනාගෙන ඇති බව සදහන්.
දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 67ක් මේ වන විට ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස නම් කර තිබේ.
ඩෙංගු මරණ සංඛ්‍යාවද ඉහළ යමින් පවතින බැවින් මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර දමන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දී තිබේ.














































