මෙම මාසයේ ගත වූ දින කිහිපය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 1,000කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බවට ජාතික ඩෙංගු මර්ධන ඒකකය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එහි අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න පැවසුවේ මේ වන විට දෛනිකව ඩෙංගු රෝගීන් 100 ක් පමණ හඳුනා ගැනෙන බවයි.
පවතින වැසි තත්ත්වයත් සමඟ මෙරටින් හඳුනා ගැනෙන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බැවින් ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්ත වලට අනුව මේ වසරේ මේ දක්වා වාර්තාවූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 63,000 කට අධිකය.