රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සමඟ තමාට කිසිම අර්බුදයක් නොමැති බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (14) පැවති රජයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා ,
” මට එතුමියත් එක්ක කිසිම අර්බුදයක් නැහැ. කාන්තාවක් සමඟ හැප්පෙන්න කැමති නැති නිසා , බයිපාස් එකක් කළ මිනිහෙක් නිසා ,තවත් නිකන් ස්ට්‍රෙස් එකක් දාගන්න ඕනේ නැති නිසා මම මගේ සැනසීම තියාගෙන මට ඇහුනේ නැහැ – දැක්කේ නැහැ වගේ ඉන්නවා. මගෙන් එතුමියට කිසිම බාධාවක් නැහැ.”














































