කයි කතන්දර මැද පුත්තලම දිසාවේ සම්පුර්ණ පොලිස් බලය භාර ගන්න පොලිසිය විශේෂ පුද්ගලයෙක් එවලා
මෛත්‍රී සහ ගෝඨා ඝාතනයට කුමන්ත්‍රණය කළ බව කියූ DIG නාලක සිල්වා පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධුරයට – චෝදනා සියල්ල බොරු ලු – චෝදනා එල්ල කළ නාමල් කුමරාත් යහතින්
ආණමඩුව පොලිස්ථානයේ පොලිස්පති වරයා මාරු කිරීම සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන අභ්‍යන්තරයෙහි ද උණුසුමක් මතුව තිබෙනවා.
ඒ නව පොලිස් ස්ථානාධිපතිවරයාට රාජකාරිය භාර ගැනීමට ඉඩ ලබා නොදී සනත් නිශාන්ත මන්ත්‍රීවරයා විසින් දේශපාලන මැදිහත් වීමක් සිදු කළ බවට නැගෙන චෝදනාවත් සමඟයි.
සනත් නිශාන්ත මහතා ගේ මැදිහත් වීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ද මැදිහත් වීමත් සමඟ මෙම කතාබහ තවදුරටත් උණුසුම් වුණා.
කෙසේ වෙතත් මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කයට අදාළ ව සිදු කරන ලද පොලීසියේ ඉහළම නිලධාරියකුගේ පත් කිරීමක් සම්බන්ධයෙන් මේ වන විට කරුණු වාර්තා වෙනවා.
2018 වසරේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා එල්ල වූ පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත් කර තිබෙනවා.
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා විසින් මෙම කරුණු හෙළි කර ඇති අතර ඔහු සඳහන් කර ඇත්තේ ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට කිසිදු චෝදනාවක් ඉදිරිපත් කර නොමැති බවයි.
එමෙන්ම අදාළ චෝදනාව ඉදිරිපත් කළ නාමල් කුමාර නැමැත්තාට ද මේ දක්වා කිසිදු ගැටළුවක් වී නොමැති බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින්..














































