අස්වැසුම ශුභසාධන ප්‍රතිලාභ වැඩසටහනට ඇතුළත් කර ඇති ආබාධිත – වැඩිහිටි සහ වකුගඩු දීමනා ලබන පුද්ගලයන්ගේ නාමලේඛනය සියලු ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ ග්‍රාම නිලධාරි කාර්යාලවල හෙට ( 5) දින ප්‍රසිද්ධ කරන බවට සමාජ ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළ බව වාර්තා වේ.
සමාජ සේවා, වනිතා කටයුතු සහ සෞඛ්‍ය යන අමාත්‍යාංශවලින් අනුමත කර ලබා දී ඇති නම් ලැයිස්තු වෙනස්කමකට භාජන නොකර අස්වැසුම ප්‍රතිලාභීන්ගේ නාමලේඛනයට ඇතුළත් කර තිබෙන බව ද එම මණ්ඩලයේ සාමාජිකා ජේ.සී. මලර් මහත්මිය සදහන් කරයි.
ඒ අනුව මෙතෙක් කලක් ආබාධිත – වැඩිහිටි සහ වකුගඩු දීමනා ලැබූවන් කිසිවකු අස්වැසුම වැඩසටහන යටතේ කප්පාදු කර නොමැති බව සදහන්.
ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා සඳහා අලුතෙන් අයදුම්කර ඇති පුද්ගලයන් පිළිබඳව තීරණ ගැනීමේ වගකීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට පවරා ඇති බව ද ඇය සඳහන් කර තිබේ.













































