ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් නිකුත් කළ වාර්තාවකට අනුව තවත් නිර්වින්දන ඖෂධ දෙකක් භාවිතයෙන් ඉවත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අනුරාධපුරයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .
ඒ අනුව කිසිවිටෙකත් ප්‍රමිතියෙන් තොර වූ ඖෂධ ගෙන්වීමට අවසර නොමැති බවත් , රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා ප්‍රමිතීන්ට අනුව සෑම විටම ඖෂධ ගෙන්වන බවත් ඔහු සදහන් කර තිබේ .
එමෙන්ම ඇතැම් අවස්ථාවලදී ඇතැම් ඖෂධ භාවිතා කිරීමෙන් සංකූලතා ඇති විය හැකි බවත් , එවැනි අවස්ථාවලදී එම ඖෂධයන් භාවිතයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ .













































