යාපනය සිට වව්නියාව දක්වා ධාවනය වූ ලංගම බස් රථයක විශාල නාගයෙකු සිට ඇති අතර එහිදී බසයේ සිටි මගීන් බියට සහ කලබලයට පත්ව බසයෙන් බැස දිවගොස් ඇති බව වාර්තා වේ.
වාර්තා වන ආකාරයට බස් රථය උදෑසන යාපනයෙන් පිටත්ව පැය එක හමාරක් පමණ ගතවන තුරුත් මගීන් කිසිවෙකුත් මෙම නාගයා සිටිනු දැක නොමැත. පසුව කිලිනොච්චිය නගරයේ දී බසයට නැගි කාන්තාවක් මෙම නාගයා බස් රථය තුළ සිටිනු දැක බියට පත්ව කෑ ගසා තිබේ. ඇයගේ කෑ ගැසීමත් සමඟ බස් රථයේ රියදුරු බස් රථය නතර කර තිබේ.
කෙසේ නමුත් නාගයෙක් සමඟ බස් රථය ධාවනය කළ රියදුරු හට විනය පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතව තිබෙන බව සඳහන්.














































