ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කළ පුද්ගලයෙකු වසර 12 ක කාලයක් ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ ඉහළ තනතුරක් දරා ඇති අතර එම පුද්ගලයා අදාළ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කර ඇති බව වසර 10කට පසු පළමුවරට ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී අනාවරණය වූ බව වාර්තා වේ .
ඔහු අවස්ථා කිහිපයකදී වැඩ තහනමකට ලක්ව ඇති බවත් එම කාලය තුළදී ඔහුට වැටුප් සහ දීමනා ද ගෙවා
ඇති බවත් කෝප් කමිටුවේදී හෙළි වී තිබේ.