ජාතික වෘත්තීය පුහුණු අධිකාරිය තම අරමුණින් බැහැරව සිඳු කරනු ලැබූ ඇතැම් අත්තනෝමතික ක්‍රියාවන් නිසා රුපියල් කෝටි ගණනක් නාස්ති වී ඇති බව වෘත්තීය පුහුණු අධිකාරිය දෙවන වරටත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත කැඳවූ අවස්ථාවේදී අනාවරණය වූ බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කෝප් කමිටුවේ සභාපති මහාචාර්‍ය රංජිත් බණ්ඩාර මහතා ,
“වෘත්තීය පුහුණු අධිකාරිය ඉතාම නරක තැනක අද තියෙන්නේ. අපි කැඳවීමක් කළා කැප්පෙටිපොළ කියලා හිටපු සභාපතිවරයෙක්. එතුමා අද පැමිණ නෑ. එතුමා කාර්යාංශය බිඳ වැටීමේ අවසාන ඇණයත් ගහලා ගිහින් තියෙන්නේ. අමාත්‍යාංශය නිසි ආකාරයෙන් මේකේ නිරීක්ෂණ කටයුතු කරලා නෑ. විගණකාධිපති තුමා නිර්දේශ කළා ස්වාධීන විගණනයක් කරන්න ඕනේ මසක් ඇතුළත ඒ වාර්තාව අපට සපයන්න ඕනේ…
ඉන්න අධ්‍යක්ෂ ජනරාල්වරිය ඇතුළු ප්‍රධාන නිල 10ක් අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව සභාපතිවරයාගේ අභිමතය පරිදි සමහර අය ගෙදර යවලා සමහර අය ස්ථානමාරු. දැන් හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියව මාස 4ක් ගෙදර තියලා රු 486,616.16ක වැටුප් ගෙවීමක් කරලා තියෙනවා. ඒක කාගෙන්ද අපි අයකරන්නේ. ඔබතුමන්ලා ආරම්භ නොකරන ලද පාඨමාලා සඳහා විශාල මුදලක් ගෙවලා එක එක භාණ්ඩ ගෙවලා තියෙනවා.”













































