පසුගිය දශකය තුළ මෙරටට විදෙස් ආයෝජන හරහා ලැබී ඇති අවස්ථා නිසි පරිදි කළමනාකරණය කිරීමට රාජ්‍ය අසමත්වී ඇති බවට කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඔහු පෙන්වාදෙන්නේ විදෙස් ආයෝජනයන් මගින් ලබාගත යුතු ප්‍රතිලාභ මෙරට තුළ සම්පාදනය නොවීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි.
කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා මෙම අදහස් පළ කර තිබේ.
එහිදී අදහස් දැක්වු බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පැවසුවේ නිවැරදි නොවන මතවාදයන් සමාජ ගත කිරීම හේතුවෙන් ආයෝජන හරහා ලබාගත හැකි ප්‍රතිලාභ යම් යම් අවස්ථාවවල මඟහැරී ඇති බවයි.














































