එළඹෙන වර්ෂයේදී (2024) අත්සන් කිරීමට යෝජිත ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළද ගිවිසුම සම්බන්ධයෙන් හතරවන සාකච්ඡා වටය කොළඹදී ආරම්භ කෙරුණු අතර මෙම සාකච්ඡා වටයට සහභාගී වීම සඳහා තායිලන්ත වෙළඳ සාකච්ඡා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අවුරමන් සුප්තාවිතුම් මහත්මිය ඇතුළු තායිලන්ත නිලධාරීන් 35 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගිය 26 වනදා දිවයිනට පැමිණි බව වාර්තා වේ.
වාර්තා වන ආකාරයට මෙම සාකච්ඡා වටයේ අරමුණ නම් ශ්‍රී ලංකාවේ අපනයනය සඳහා තායිලන්ත වෙළඳපොළ ප්‍රවේශය වැඩි කිරීම , එම වෙළඳපොළ හරහා අනෙකුත් ආසියා රටවල වෙළඳපොළ ප්‍රවේශය වැඩි දියුණු කිරීම සහ දැනට පවතින තීරුබදු නොවන බාධක අවම කිරීමයි.
එමෙන්ම නැගී එන ආර්ථිකයන්ගෙන් සමන්විත අග්නිදිග ආසියා ජාතීන්ගේ සංගමයට අයත් රටවල් සමඟ ආර්ථික සම්බන්ධතා වැඩි දියුණු කර ගැනීමේ අරමුණුන් ජනපති විසින් මෙම සාකච්ඡාව ඇරඹූ බව වාර්තා වේ.














































