මේ වන විට මධ්‍යම කඳුකර ප්‍රදේශයේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය සමඟ වටවල හා ගලබඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය වෙත විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ ගමනාගමනයට බාධා මතුව ඇති බව වාර්තා වේ.
අද දහවල් 1 ට පමණ මෙසේ දුම්රිය මාර්ගය වෙත මෙම ගස කඩා වැටී ඇති අතර, මේ වන විටත් එම ගස කපා ඉවත් කිරීමට නොහැකි වී ඇති අතර , කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 08.30 ට බදුල්ල බලා ධාවනය වූ උඩරට මැණීකේ සීඝ්‍රගාමී දුම්රිය ගලබඩ දුම්රිය ස්ථානයේ පස්වරු 1 සිට නවතා තිබෙන බව සදහන්.













































