හම්බන්තොට – කුඩාඉදිවැව ප්‍රදේශයේ විහාරස්ථානයක ආවාස ගෙය බිඳ එහි තිබූ අගල් හතරක් පමණ උසින් යුතු රන් ආලේපිත බුදු පිළිමයක් සහ රුපියල් ලක්ෂ විස්සක මුදලක් සොරා ගත් පස්දෙනෙකු තංගල්ල අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිඳු කළ විමර්ශනයක දී සූරියවැව සහ මත්තල යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙසේ කොල්ල කා ඇත්තේ ආවාස ගෙයි සිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ අත් පා ගැට ගසා දමමින් ය.
මොවුන් සන්තකයේ තිබී සොරකම් කරන ලද බුදු පිළිමය ද සොයා ගෙන තිබේ.