අද (09) දින දහවල් පාදුක්ක වටරැක ගම්මාන පාර ප්‍රදේශයේ නිවසක කුලී පදනම මත ජීවත්වූ කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව වාර්තාවේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වලස්මුල්ල කටුවන අළුපොත්දෙනිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52 වන කාන්තාවකි.
මෙම කාන්තාව හා තවත් පුද්ගලයකු වටරැක ගම්මාන පාර ප්‍රදේශයේ කුලී නිවසක ජීවත්ව ඇති අතර මෙම කාන්තාව එම පුද්ගලයාගේ අනියම් බිරිය බව සදහන් වේ.
එම පුද්ගලයාගේන් දික්කසාදව සිටි බිරිද හා ඇයගේ සොයුරකු මිය ගිය කාන්තාව සිටි කුලී නිවසට පැමිණ මෙම ඝාතනය සිදුකොට ඇති බව සදහන් වන අතර මෙම සැකකාරිය එම පුද්ගලයාගෙන් දික්කසාදවී වසර තුනක් පමණ වන බව පැවසේ. කාන්තාවගේ ගෙල කපා ඝාතනය කර පලා යමින් සිටි එම සහෝදරයා සහ සහෝදරිය ප්‍රදේශවාසීන් ගේ සහය ඇතිව අල්ලාගෙන අත් අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය සදහන් කර තිබේ.
සිද්ධිය පිලිබදව මීගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලැබේ.














































