English
සිංහල
00:57 සිකුරාදා, අගෝස්තු 22, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    දියවඩනගෙන් සජිත්ට කනේ පහරක් – පෙරහැරට විදුලිය අවශ්‍ය නෑ.

    Ravana Publisher by Ravana Publisher
    වසර 2ක් ago
    1
    Share on FacebookShare on TwitterWhatsApp

    මහනුවර ඇසළ පෙරහැරට විදුලිය ලබා නොදීම පිළිබඳව මේ වන විට මාධ්‍ය හරහා දැඩි කතාබහකට ලක්ව තිබෙන නමුත් සමාජ මාධ්‍ය තුළ මේ පිළිබඳව කිසිදු කතාබහක් දක්නට නැත.කෙසේ නමුත් සමහර මාධ්‍යවලට පිළිතුරු ලබා දෙන මෙන් බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයන් ප්‍රකාශ කර තිබෙන්නේ මෙම මුදල දළදා මාළිගාවේ ආදායම මගින් ගෙවිය යුතු බවයි.

    ඒ අතර විසදා ගැනීමට හැකියාව තිබියදී මේ පිළිබඳව ඇතැමුන් ජනමාධ්‍ය මගින් ප්‍රශ්නයට විසදුම් සොයන්නට උත්සාහ කිරීම අනුමත කළ නොහැකි බවද ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග මාධ්‍යට ප්‍රකාශ කර තිබුණි.

    ඒ අතර තවත් සමහර මාධ්‍ය වාර්තා කර තිබුණේ ප්‍රශ්නයට පිළිතුරු සොයා ගැනීමට හැකියාව තිබියදී මාධ්‍ය මගින් පිළිතුරු සෙවිය නොහැකි බවයි.කෙසේ නමුත් ප්‍රධාන මාධ්‍ය ආයතනවල ප්‍රධාන මාධ්‍ය විසින් මේ පිළිබඳව කතාබහකට ලක් කළත් සමාජ මාධ්‍ය පරිශීලකයින් මේ පිළිබඳව කිසිදු අවධානයක් යොමු කර නොතිබීම විශේෂ කාරණාවකි.

    මහනුවර ඇසළ පෙරහැර පවත්වනු ලබන කාලය තුළ භාවිත කරන විදුලිය සඳහා වැය වෙතැයි ඇස්තමේන්තු කර ඇති රුපියල් එක් කෝටි තිස් දෙලක්ෂයක මුදල සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය සමඟ සාකච්ඡා කර ඉන් යම් කොටසක් පමණක් ගෙවීමට පියවර ගන්නා බව ද ඔහු ප්‍රකාශ කර තිබේ

    මහනුවර ඇසළ පෙරහැර වීදි සංචාරය කරන කාලය තුළ දළදා මාලිගාව සහ සතර මහා දේවාල පරිශ්‍රවලට විදුලි ආලෝකය සැපයීම වෙනුවෙන් විදුලිබල මණ්ඩලය සෑම වසරකම ඇස්තමේන්තුවක් එවන බව පවසන දියවඩන නිලමේවරයා, ගිය වසරේදී එය රුපියල් ලක්ෂ 90 ක ඇස්තමේන්තුවක් බවද ප්‍රකාශ කර තිබේ.

    ඒ අතර සමහර බස්නායක නිලමේවරුන් ප්‍රකාශ කරන්නේ පෙරහැර සදහා විදුලිය අවශ්‍ය නැති බවත් අතීතයේ සිටම පෙරහැර පවත්වාගෙන ගියේ විදුලිය නොමැතිව වෙනත් විදුලි ආලෝක ධාරා මගින් බවත් ය.

    ඒ අතර තවත් ප්‍රකාශකයන් සදහන් කරන්නේ විදුලි ආලෝකය අවශ්‍ය වන්නේ පෙරහැර නැරඹීමට පැමිණෙන මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පමණක් බවත් පෙරහැර සදහා කිසිදු ආකාරයක විදුලි ආලෝකයක් අවශ්‍ය නැති බවත්ය .

    කෙසේ නමුත් මෙම පෙරහැර හා සම්බන්ධ කතිකාවත මහජනතාවට එතරම්ම වැදගත්කමක් නැති බව පෙනී යන නමුත් මාධ්‍ය ආයතන සහ සමහර දේශපාලඥයින් මේ පිළිබඳව අවධානය යොමු කර තිබේ.

    එසේම තවත් සමහර සමාජ මාධ්‍ය පරිශීලකයන් සදහන් කරන්නේ ශ්‍රී දළදා මාළිගාවට මහජනතාව විවිධාකාර පුද පූජා පවත්වමින් මුදල් ලබා දෙන්නේ ඔවුන්ටත් රටටත් ආශිර්වාදයක් පතා වන බැවින් මෙම කටයුත්ත සදහා එම මහජනතාව පූජා කරන මුදල් භාවිතා කර මෙම පෙරහැර පැවැත්විය යුතු බවයි.

    ඒ අතර බඹරගල රජමහා විහාරාධිපති සහ බොහෝ විහාරස්ථාන වල විහාරාධිපතිත්වය උසුලන මැද දුම්බර හා පාත දුම්බර දෙපළාතේ ප්‍රධාන සංඝනායක තල්පොත ධම්මජෝති නායක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන්නේ,

    “බඹරගල රාජමහා විහාරස්ථානය ශ්‍රී දළදා වහන්සේ ආරක්ෂා කර ගත් ස්ථානයක්.ඒ නිසා ශ්‍රී දළදා වහන්සේ මුල් කරගෙන පවත්වන ඇසළ මහා පූජෝත්සවය අපි බොහොම ගෞරවයෙන් සිහිපත් කරන දෙයක්.මෙවර ඇසළ පෙරහැර පූජෝත්සවය පවත්වන කාලය තුළ ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය විසින් රුපියල් එක්කෝටි තිස් ලක්ෂයකට අධික මුදලක් තැන්පත් කරන ලෙස ඉල්ලීමක් කර ඇති බව මම දැනගත්තට පස්සෙ මවිතයට පත් වුණා.

    1815 මේ රටේ ඉංග්‍රීසින් යටත් කරගත් පසුත් ශ්‍රී දළදා වහන්සේගේ පූජෝත්සවයන් පැවැත්වෙන කාලසීමාවන් තුල රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නා.වර්තමාන ආණ්ඩුව ඒ හැම දේම පැත්තකට දාලා මුළු මහත් ලෝකයාම බලන් ඉන්න දෙස් විදෙස් විශාල පිරිසක් නැරඹීමට පැමිණෙන මේ අති උත්කර්ෂවත් දළදා පෙරහැර පැවැත්වීම මේ වසර තුළ මෙලෙස නීති රීති වලට යටත්ව පැවැත්වීමට කටයුතු කිරීම අපේ රටේ අනාගත අගාධයකට යන අවස්ථාවක් හැටියට මම දකිනවා.

    ඒ නිසා රජයේ බලධාරීන් කල්පනා කරන්නට ඕනි කන්ද උඩරට විරාජමානව වැඩ සිටින ශ්‍රී දළදා වහන්සේ ආරක්ෂා කරගන්නවා වගේම අපි ජීවමාන බුදුපියාණන් වහන්සේ හා සලකන මේ දළදා වහන්සේ වෙනුවෙන් පවත්වන දළදා පෙරහැර ඉතාම හොදින් පවත්වාගෙන යන්න රාජ්‍ය අනුග්‍රහය එදා ලැබුණා සේම ඉදිරියටත් ලබා දෙන්න කටයුතු කරන්න ඕනි.

    එහෙම නැති උනොත් අපේ රට ජාතික වශයෙනුත් ,ආගමික වශයෙනුත් ,ආර්ථික වශයෙනුත් අගාධයකට යන එක නවත්වන්න පුලුවන් කමක් නෑ .

    අපි අහලා තියෙනවා දළදා වහන්සේ පිළිබඳව යම් යම් කටයුතු කිරීමේදී ඒ දළදා වහන්සේට අපහාස සිදුවන ආකාරයෙන් කටයුතු කළ අවස්ථාවල මහා විශාල විනාශයන් මෙරට සිද්ධ වුණ බව. දළදා වැස්ස වගේ දේවල් ඇවිල්ලා කටුගස්තොට පාලමත් කැඩිලා ගිහිල්ලා මහා විනාශයක් මේ රටේ සිද්ධ වුණා.

    මේ නිසා මෙවැනි විනාශ ඇතිවීමට ඉඩ නොදී දළදා පෙරහැර චාරිත්‍රානුකූලව පවත්වාගෙන ආ ආකාරයෙන්ම පවත්වන්නට මහනුවර මහ නගර සභාවත් විදුලිබල මණ්ඩලයත් රජයත් එක්කාසු වෙලා මේ පෙරහැර අති උත්කර්ෂවත් අන්දමින් පැරණි චාරිත්‍රානුකූලව පවත්වන්නට කටයුතු යොදනු ඇති යි කියලා මම විශ්වාස කරනවා .”

    ඒ අතර සමස්ත ලංකා භික්ෂු සංඝ සම්මේලනයේ සභාපති ලියන්වල ශාසනරතන හිමි ප්‍රකාශ කරන්නේ,

    “ප්‍රධාන විදුලි ඉංජිනේරු මහනුවර විධායකතුමන් අද ලිපි යොමු කරලා තියෙනවා විශේෂයෙන්ම දළදා මාළිගාවේ දළදා හාමුදුරුවෝ භාරව සිටින බෞද්ධ නායකත්වය දරන ගරු දියවඩන නිලමේතුමාටත් ,ගරු බස්නායක නිලමේතුමාටත් (ශ්‍රී පත්තිනි දේවාලය)බස්නායක නිලමේ (ශ්‍රී නාථ දේවාලය)ආදී මේ කියන පූජනීය ස්ථානවලට ලිපි ලේඛන යොමු කරලා තියෙනවා .වාර්ෂික දළදා පෙරහැරේ විදුලිය සම්බන්ධව සහ විදුලි බල මණ්ඩලයට අයවිය යුතු ගාස්තු පිළිබඳව .

    මේ වන විට රටේ එක්කෝටි තිස් එක්ලක්ෂයක බිලක් පිළිබඳව කතා කරනවා අපි අහන්න කැමතියි විදුලිබල මණ්ඩලයෙන් අර තක්කඩි දේශපාලඥයො රටටත් වැඩක් නැති මහා ආන්දෝලනාත්මක විවේචනයට ලක්වෙච්ච අමාත්‍යාංශ වල අද විදුලි බිල කොච්චර එහාට ගිහින් තියෙනවද කියන කතාබහ .

    එතකොට අපි දැක්කා තක්කඩි දේශපාලඥයන්ගේ පෞද්ගලික පරිහරණ, කාර්‍යාලවලට සහ නිවෙස්වල විදුලි බිල ගෙව්වෙ නැතැයි කියන කතාබහ කොච්චර සමාජගත වුණත් ඒවා ඇත්තද නැත්තද කියලා ඒ වගකිවයුතු කව්රුත් සමාජයට ඉදිරිපත් කරලා නෑ .

    අපි දැකලා තියෙනවා අමාත්‍යාංශවල විදුලිය කොතරම් නාස්ති වෙනවද ? අපි රට වටේ ඇවිදින හාමුදුරුවරු විදිහට අපිට ඕන තරම් දකින්නට සිද්ධ වෙලා තියෙනවා මේ මහා අපරාධය.

    ඒ වගේම මහා පාරේ විදුලිය කොතරම් පත්තු වෙනවද? අපි ඕනෑතරම් දැකලා තියෙනවා .ඒ නිසා රටේ ආර්ථිකයට සහ ජාතික ප්‍රතිපත්තියක් නීතිමය රාමුවක් තුළ කතා කරනවනම් හැමෝගෙම ඇතුළෙ කිල්ලොටවල හුණු තියෙනවා ඒක අමතක කරන්න එපා තමන් නිවැරදි වී අනුන්ට වැරැද්ද පටවන්න උත්සාහ කරන තක්කඩි රාජ්‍ය නිලධාරින් සහ දේශපාලන භූමිකාව ඇතුලේ තමන්ගේ මුනිවත රැක ගන්න කටයුතු කරන්න එපා කියන එක මේ වෙලාවේ අවධානය යොමු කරන්න.

    මේ විදුලිබිල පහුගිය කාලේ පුන්‍යායතන වලට ආපු ප්‍රශ්නවලදි අපි කිවා පාත්තරවල සල්ලි එකතු කරලා හරි මේ කටයුතු කරන්න ඕනි කියන එක .හැබැයි මේ ගාන ලෝකෙ ඉන්න බෞද්ධ ජනතාවට ගෙවාගන්න බැරුව නෙවෙයි.
    මේ අදෝනාව මේ කෙනෙහිලිකම් ව්‍යාප්ත වෙන වැඩපිළිවෙළක් තියෙනවා ඒක හොයලා බලන්න ඕනි.බුද්ධි අංශවලට වහාම කියන්න ඕනි මේ ගැනත් හොයලා බලන්න කියලා.අපිට පේනවා මේ මහා දැවැන්ත බෞද්ධ සංස්කෘතියට රාජ්‍ය නොවන භූමිකා ඇතුළෙ ඉදගෙන තක්කඩියො මේක ඇතුළෙ කස කැවෙමින් මේකට පහර දෙන්න උත්සහයක් දරනවා.

    පසුගිය දවස්වල අලි ප්‍රශ්න ආවා ඇත්තු ප්‍රශ්න ආවා ඒ වගේම පුන්‍ය ආයතනවල විදුලිබිල ප්‍රශ්න ආවා ඒ හැම දෙයක් පිළිබඳවම අවධානය යොමු කරන්න ඕනි.මේක ඇතුළෙ කව්ද මේ තක්කඩි න්‍යාය පත්‍ර හදන්නෙ මේ වගෙ ඇතුළෙ කව්ද නිර්නාමිකයන් බවට පත් වෙලා කව්ද තක්කඩි සහ රාජ්‍ය නොවන සංවිධාන මේක ඇතුළෙ කස කැවෙනවා. ඒක පිළිබඳව දැඩි අවධානයට ලක් කරන්න කියලා රජයට කියනවා. නීතියටත් කියලා තියෙනවා. මේ ගැන වැඩි අවධානයක් යොමු කරන්න කියලා “

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version