මියන්මාරයෙන් පරිත්‍යාග ලෙස ලැබුණු ඇත් පැටවුන් දෙදෙනෙකු ඈඳා ගනිමින් ශ්‍රී ලංකා රේගුව ද හුවා දක්වමින් රුපියල් මිලියන 261 ක මුල්‍ය වංචාවක් දළදා මාලිගාවේ දියවඩන නිලමේ වරයා විසින් සිදුකර ඇති බවට අල්ලස දුෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර මහතා චෝදනා කර තිබේ.
අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක් වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ අදාළ ගනුදෙනුව හා සම්බන්ධ ඉන්වොයිස් පවා මේ වන විට ප්‍රසිද්ධියට පත්ව ඇති බවයි.
රේගුවට අදාළ ලිපි ලේඛන පවා මෙම වංචනික ගණුදෙනුවට අදාළව සකසා ගෙන ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.
ආචාර්ය තරංග ධරණිත මහතා විසින් රචිත කපටි උපාසක නම් කෘතිය උපුටා දක්වමින් ඔහු මෙම අනාවරණය සිදුකර තිබෙනවා.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත විඩියෝව නරඹන්න.