අත්තනෝමතික ලෙස පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කළහොත් රාජ්‍ය වෛද්‍ය විද්‍යාල පද්ධතිය බිඳ වැටීමේ අවධානමක් පවතින බවත් , මේ වන විටත් රජයේ වෛද්‍ය විද්‍යාල පද්ධතිය බිඳ වැටෙමින් පවතින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය හරිත අලුත්ගේ කොළඹ අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
නමුත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ තමන් මේ වනවිටත් වෛද්‍ය විද්‍යාල තුනක් ආරම්භ කිරීමට අනුමැතිය ලබා දී ඇති බවයි.














































