ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ නිවසකින් දැඩි ලෙස දුර්ගන්ධයක් ඇති වීම සම්බන්ධයෙන් අසල්වාසීන් පොලීසියට පැමිණිලි කර ඇති අතර අදාළ පැමිණිල්ලට අනුව පොලීසිය විසින් එම නිවස පරික්ෂා කර තිබේ. එහිදී එම නිවසේ ශීතකරණය තුළ තිබී මියගිය සුනඛයින්ගේ සිරුරු හමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඊට අමතරව එම නිවසේ සුනඛයින් 55 දෙනකු අසාධ්‍ය තත්ත්වයේ පසුවූ බවද සඳහන්.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් එම නිවසේ හිමිකාරිය වන කාන්තාවක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ.















































