මුදල් සහ පෞද්ගලික තොරතුරු ඉල්ලා සිටීමට එක්සත් ජාතීන්ගේ නම සහ ලාංඡනය හාවිතා කරන වංචනිකයන්ගෙන් ප්‍රවේශම් වන ලෙසට එම සංවිධානයේ ශ්‍රී ලංකා කාර්‍යාලය ඉල්ලා සිටින බව වාර්තා වේ.
ඔවුන් පවසන්නේ සිය සංවිධානයේ නම සහ ලාංඡනය භාවිතා කරමින් වංචනික සහ නොමග යවන සුළු තොරතුරු සමාජ මාධ්‍ය , කෙටි පණිවුඩ සේවා , වෙබ් අඩවි , විද්‍යුත් තැපැල් සහ දුරකථන ඇමතුම් හරහා නැවතත් සංසරණය වෙමින් පවතින බවයි.
එක්සත් ජාතීන්ගේ කාර්‍යාලය වැඩි දුරටත් දැනුම් දෙන්නේ තම නම සහ ලාංඡනය භාවිතා කර මුදල් සහ බොහෝ අවස්ථාවල පෞද්ගලික තොරතුරු ලබා ගැනීමේ තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් සිටින ලෙසයි.