බාහිර පුද්ගලයින් විසින් අඹේවෙල කිරි ගොවිපොළ භූමියේ සිදු කරන අනවසර මැණික් ගැරීම් වහා නැවැත්වීමට පියවර ගන්නා ලෙසටත් , ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙසටත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙන බව වාර්තා වේ.
දැනට රටේ වැඩිම හා වටිනාම මැණික් ප්‍රමාණයක් අඹේවෙල කිරි ගොවිපලට අයත් භූමියේ ඇති බව අපෙක්ෂා කරන අතර මේ වනවිට එම ගොවිපොළ පුද්ගලික අංශයට බදු දී ඉතාමත් සාර්ථකව කිරිගව පාලනය සිදු කරනු ලබයි.
අමාත්‍යවරයා වැඩි දුරටත් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය උපදෙස් ලබා දෙමින් ප්‍රකාශ කර සිටියේ ඇතැම් බාහිර පුද්ගලයින් මෙම ඉඩමට හොර රහසේ ඇතුළු වී මැණික් ගැරීම සිදු කරන බවට තොරතුරු ලැබී තිබෙන බවත් , එම කටයුතු නැවැත්වීම සඳහා වහාම මැදිහත්වන ලෙසටත්ය.














































