පවතින නියගයෙන් ඊයේ දිනය වන විට වගා හානියට පත්ව ඇති කුඹුරු ප්‍රමාණය අක්කර 46,904,54ක් බවත් වගා හානිවලට ගොදුරුව සිටින ගොවීන් ප්‍රමාණය 41,402ක් බවත් කෘෂිකර්ම අමාත්‍යංශය අද (22) නිකුත් කළ වාර්තාවේ දැක්වේ.
ඉන් වැඩිම වගා හානි ප්‍රමාණය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව සදහන්.
එම දිස්ත්‍රික්කයේ වගා හානියට ලක්ව ඇති කුඹුරු ප්‍රමාණය අක්කර 23,286කි. හානියට පත් ගොවීන් ගණන 27,904 දක්වා ඉහළ ගොස් ඇත.
දෙවන ස්ථානයට උඩවලව කලාපයේ වගා හානි වාර්තා වන අතර එය අක්කර 14,667,5කි. වගා හානියට ලක් වූ ගොවීන් ගණන 5867 කි.
මෙම වගා හානි සිදු වූ ප්‍රමාණයන් පිළිබඳව දෛනික වාර්තාව අද (22)දින කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත එම මණ්ඩලය විසින් ලබා දී ඇති බව වාර්තා වේ.














































