ඊයේ(22) සවස රැඳවියන් සිර මැදිරි තුළට දමන අවස්ථාවේදී කළ පරීක්ෂාවකදී රැඳවියෙකු ළග මත්ද්‍රව්‍ය යැයි සැක කළ හැකි කුඩා පාර්සල් හතරක් බන්ධනාගාර නිලධාරීන්ට හමුවී ඇති බව වාර්තා වේ.
පසුව මේ සම්බන්ධයෙන් ගාල්ල පොලිසියට දැනුම් දීමෙන් පසු නිලධාරින් කණ්ඩායමක් පැමිණ එය පරීක්ෂා කිරීමේදී එම පාර්සල් තුළ තිබී හෙරෝයින් ග්‍රෑම් 04යි මිලිග්‍රෑම් 40ක් සහ ගංජා මිලිග්‍රෑම් 3710ක් සොයාගෙන ඇති බව සඳහන්.
මේ සම්බන්ධව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර අධිකරණ නියෝගයක් ලබාගෙන බන්ධනාගාරය මගින් සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.














































