තන්තිරිමලය රජමහා විහාරස්ථානය ඉදිරිපිට දී බීමතින් රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇති බව වාර්තා වේ.
තන්තිරිමලේ පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ පොලිස් කොස්තාපල්වරයා අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබේ. එහිදී මත්පැන් ගද වහණය වන බවට අධිකරණ වෛද්‍යවරයා විසින් වාර්තාවක් ලබා දුන් බව සඳහන් වේ.














































