මිනිසාගේ නොමනා කටයුතු නිසා පෘථිවියේ පැවැත්ම සඳහා වූ නීති අටෙන් 7ක් උල්ලංඝනය කර ඇති බවත් , ජල පෝශක ,වායු දූෂණය,පරිසර පද්ධති විනාශ වීම තුළින් පෘථිවිය ආපසු සකස් කළ නොහැකි ලෙස අස්ථාවර භාවයකට පත් ව ඇති බවත් ලොවපුරා විද්‍යාඥයින් 40 කින් සමන්විත අන්තර් කොමිෂන් නම් සංවිධානය විසින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මොවුන් තවදුරටත් විදෙස් සඟරාවක් මඟින් දන්වා සිටිනුයේ මිනිසා විසින් පෘථිවිය ආරක්‍ෂිත හා සාධාරණ පරිසරයක් බවට පත් කරන සීමා මායිම් සියල්ල පාහේ උල්ලංඝනය කර ඇති බවයි.