පේරාදේණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා 2022 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ සිදුවූ ආර්ථික පසුබෑම තුළ කෘෂි කාර්මික, කාර්මික හා සේවා අංශයන් වල ඉතා දැඩි පසුබෑමක් දක්නට ඇති බවත් එය 7.8%ක ආර්ථිකය පසුබෑමක් ලෙසත් පෙන්නුම් වී ඇති බව පවසයි.
මහාචාර්යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ 2022 වර්ෂයේ ආර්ථිකයේ පසුබැසීම නැවත යථාතත්ත්වයට පත්කිරීම වෙනුවෙන් රජය විසින් 2023 වර්ෂයේදී ආර්ථිකය ප්‍රසාරණය කිරීම සඳහා නිසි වැඩපිළිවලක් සකස් කිරීම අනිවාර්‍ය බවයි..














































