බිත්තර , කුකුළු මස් සහ මාළු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු වී ඇති බව කැබ්නට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම රුපියල් 1000 ත් 1100 ත් අතර පැවති කුකුළු මස් කිලෝ ග්රෑම් එකක මිල මේ වන විට රුපියල් 1500 ත් 1600 ත් අතර මිලක පවතින බවත් , ඊට සමගාමීව මාළු මිල ගණන් ද ඉහළ අගයක් ගෙන ඇති බවත් , අද (30) දින පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ඇතැම් මාළු වර්ගවල මිල ගණන් රුපියල් 2000 කට ආසන්න බවත් , බිත්තර සඳහා පාලන මිලක් පැවතිය ද තවදුරටත් සුදු බිත්තර අලෙවි වන්නේ රුපියල් 55 කට ආසන්න මුදලකට බවත් , රතු බිත්තරයක් රුපියල් 60ක් වැනි මිලකට අලෙවි වන බවත් පාරිභෝගිකයින් සඳහන් කර තිබේ.













































