කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ යකඩ ටොන් එකකට ආසන්න ප්‍රමාණයක් සොරා ගත් එම කම්හලේම ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකු ඇතුළු තවත් පස් දෙනෙකු කන්කසන්තුරේ අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ (14) දින අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙම යකඩ තොගය ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම කම්හලේ ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකු ද මෙයට සහය දූන් බව ඔවුන්ගෙන් සිඳු කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර තිබේ. ඒ අනුව එම ආරක්ෂක නිලධාරීන් තිදෙනා ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.
මෙම සියලුම සැකකරුවන් අද (15) මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.