මුන්දලම කිරීමට්ටාව ප්‍රදේශයේ ව්‍යාපාරීකයකුගේ ඉල්ලීමට මාර්ගයේ දිවෙන විදුලි රැහනකින් විදුලිය ලබා ගෙන විදුලි පහණක් සවිකිරීමට ගිය තරුණ විදුලි කාර්මිකයකු විදුලි සැර වැදීමෙන් මරණයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙසේ මරණයට පත්ව ඇත්තේ මුන්දලම අක්කර 60 ගම්මානයේ පදිංචි අවිවාහක 26 හැවිරිදි තුරේයි රාජ් මධුෂාන් රාවුර් නැමති අයෙකි.
ව්‍යාපාරිකයාගේ නිවස ඉදිරිපිට විදුලි කණුවක අලෝක පහනක් ඉනිමගක ආධාරයෙන් සවි කිරීමට කටයුතු කරමින් සිටියදී කිසියම් හේතුවක් මත විදුලි සැර වැදි මරණයට පත්ව ඇති බවට මූලික පොලිස් පරික්ෂණ වලදි හෙළිව ඇති බව සදහන්.














































