ඇඹිලිපිටියේ ගොවීන් සමනල වැව අසළ උද්ඝෝෂණයකට සූදානම් වන බව වාර්තා වේ .
ඇඹිලිපිටියේ ගොවි ජනතාව හට ජලය නොමැතිකමින් තම ගොවිතැන් බත් කටයුතු කරගැනීමට නොහැකිව දැඩි අපහසුතාවකට ලක්ව සිටීයි. උඩවලව ජලාශය ද මේ වන විට සිදී ගොස් ඇති නිසා ඔවුන්ට සමනල වැව ජලාශයෙන් හෝ අවශ්‍ය ජල ප්‍රමාණය ලබා දෙන ලෙස ඉල්ලා දින ගණනාවක් තිස්සේ උද්ඝෝෂණයක නිරත වූහ.
තම ජල ගැටලුවට මේ වන තෙක් කිසිදු විසඳුමක් නොලැබීම හේතුවෙන් ඔවුන් මේ විට සමනල වැව ජලාශය අසළට පැමිණ උද්ඝෝෂණයක නිරත වීමට සූදානම් වන බව සදහන් වේ.
 
	    	



























 
		    
















