හැටන් ප්‍රදේශයේ පාසල් ළමුන් සහ ඇගලුම් කර්මාන්තශාලා සේවකයින් ප්‍රවාහනය කරන පෞද්ගලික බස් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් විසින් අද(13) දින හදිසි පරික්ෂාවකට ලක් කෙරුණු බව වාර්තා වේ.
පසුගිය දින කිහිපය තුල දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවුණු බස් රථ අනතුරු හේතුවෙන් මෙලෙස පෞද්ගලික බස් රථ හදිසි පරික්ෂාවට ලක් කෙරුණු බව සදහන්.
මෙම බස් රථ පරික්ෂා කිරිමේදි ඇතැම් බස් රථ වල ටයර් ධාවනයට නුසුදුසු තත්ත්වයේ තිබු බවත්, තවත් බස් රථ කිහිපයකම මගින්ට අවහිර වන සේ අමතර උපාංග සවි කර තිබු බවත් , ඇතැම් රියදුරන්ට මගි සේවා රියදුරු බලපත්‍රයක් නොමැතිව බස් රථ ධාවනය කර ඇති බවත් තහවුරු වු බවට හැටන් පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති උ.පො.ප චිරාජ් කුලසුරිය මහතා ප්‍රකාශ කර තිබේ.














































