පාකිස්ථානයේ උද්ධමනය ඉහළ යාම හේතුවෙන් එරට තුළ අත්‍යවශය ඖෂධ හිඟයක් මතුව ඇති බව වාර්තා වේ.
පෞද්ගලික ඖෂධ අලෙවිසැල්වල පවා එම ඖෂධ මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පිළිකා ප්‍රතිකාර සදහා අවශ්‍ය ඖෂධ මෙන්ම දියවැඩියා රෝගීන්ට අවශ්‍ය ඉන්සියුලින්ද පාකිස්ථානයේ මේ වන විට මිලදී ගැනීමට නොමැති බව සඳහන්.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ මේ හේතුවෙන් එරට රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවයි.