ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට අදාළ යුරෝපා සංගම් යෝජනා අද(18) සළකා බලන බවත් , අදාළ සංශෝධනය පිළිබඳව සාකච්ඡා කර, අනතුරුව එම පනත් කෙටුම්පත යළි ගැසට් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කළ බව වාර්තා වේ .
එමෙන්ම සුදුසු සංශෝධන සිදුකිරීමට රජය සූදානම් බව ජනාධිපතිවරයා වැඩි දුරටත් සදහන් කර තිබේ.














































