‘අස්වැසුම’ ප්‍රතිලාභින් සදහා බැංකු ගිණුම් ආරම්භ කිරිමට ප්‍රාදේශීය සභා මගින් දැනුම් දිමත් සමග එම බැංකු ගිණුම් ආරම්භ කිරිම සදහා අද දිනයේද (20) විශාල පිරිසක් ලංකා බැංකු හා මහජන බැංකු ශාඛා වෙත පැමිණ සිටින අයුරු දක්නට ලැබුණු බව වාර්තා වේ.
එම ප්‍රතිලාභින් බැංකු ගිණුම් ආරම්භ කිරිමට විශාල වශයෙන් පැමිණීමත් සමග එම බැංකු ශාඛා අසල දිගු පෝලිම්ද පැවතුණත් විටින් විට පවතින වැසි තත්ත්වයන් ද නොතකා එම පිරිස් පොලිම්වල රැදි සිටින අයුරු දැකගන්නට ලැබුණු බව සදහන්.