හොරණ ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරියකගේ අත් බෑගයක් යම් කිසි පුද්ගලයෙකු විසින් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හොරණ මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බව වාර්තා වේ.
ඊයේ (11) දින පාසල පවිත්‍ර කිරීම සඳහා දෙමව්පියන් කැඳවා තිබූ අතර එම කටයුතු පරීක්ෂා කර බැලීම සඳහා අදාළ ගුරුවරිය 6 සහ 7 ශ්‍රේණි වෙනුවෙන් වෙන් කර ඇති ගුරු විවේකාගාරයේ මේසයක් මත තම අත් බෑගය තබා පිටව ගොස් තිබේ. යළි මිනිත්තු 50 කට පමණ පසු විවේකාගාරයට පැමිණෙද්දී සිය අත් බෑගය නොමැති බව දක්නට ලැබී තිබේ. පසුව අනෙකුත් ගූවරුන් සහ දෙමව්පියන් දැනුවත් කර බෑගය සොයා ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගුරුවරිය විසින් හොරණ මූලස්ථාන පොලිසිය වෙත ගොස් පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති අතර එම අත් බෑගයේ රුපියල් 120,000 ක් පමණ වටිනාකමකින් යුතු ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක් , රුපියල් 7000ක් පමණ වටිනා දුරකථනයක් සහ මුදලින් රුපියල් 6000 ක් තිබු බව වාර්තා වේ.