පුපුරණ ද්‍රව්‍ය ආශ්‍රිත ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා ලබාදෙන බලපත්‍ර ගාස්තුව ඉහළ දමා ඇති අතර ඒ සඳහා වන ගැසට් පත්‍රය ද ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර තිබෙන බවට වාර්තා වේ.
ඒ අනුව ආරක්ෂිත සේවා නූල් නිෂ්පාදනය සඳහා පමණක් පැවති රුපියල් 4,000ක බලපත්‍ර ගාස්තුව රුපියල් 7,000ක් දක්වා ද , ගල් වෙඩි බෙහෙත් නිෂ්පාදනය සදහා පමණක් පැවති රුපියල් 2,000 ක බලපත්‍ර ගාස්තුව රුපියල් 4,000 ක් දක්වා ද , පුපුරණ ද්‍රව්‍ය අත්කර ගැනීම සන්තකයේ තබා ගැනීම සහ පාවිච්චි කිරීම සඳහා වන අවසර පත්‍ර ගාස්තුව රුපියල් 2,000ක් දක්වා ද , ගල් වෙඩි බෙහෙත් සහ ආර්ක්ෂිත සේවා නූල් යන දෙවර්ගයම නිෂ්පාදනය සඳහා වන රුපියල් 7,000 ක ගාස්තුව රුපියල් 10,000 ක් දක්වා ද ඉහළ නංවා ඇති බව සඳහන්.
එමෙන්ම පුපුරණ ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ ව්‍යාපාර සඳහා වන බලපත්‍ර ගාස්තුව සහ පුපුරණ ද්‍රව්‍ය සපයන්නන්ගේ ව්‍යාපාරය සඳහා වන බලපත්‍ර ගාස්තුව ද ඉහළ නංවා තිබේ.