ඉන්දියාවෙන් ආනයනය කරනු ලැබූ අක්ෂි දියරය නුවරඑළිය මහ රොහලේ දී රෝගියෙකුට ලබා දීමෙන් එම රෝගියාගේ අක්ෂි රුධිර පීඩනය වැඩි වී අතුරු ආබාධ මතු වීම හේතුවෙන් ඉන්දියාවෙන් ආනයනය කළ දිවයින පුරා රෝහල්වලට බෙදා තිබූ අක්ෂි රෝග සඳහා භාවිතා කරන දියරයක් භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කළ බව වාර්තා වේ.
මෙම අක්ෂි දියර ගෙන්වා ඇත්තේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් වන අතර මේ සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.